ප්‍රංශ චිත්‍රපට නළු ජෙරාඩ් ඩෙපාර්ඩියුට මාස 18 ක සිර දඬුවමක්

චිත්‍රපට රූගත කිරීමක් අතරතුර කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික හිංසන කිරීමේ චෝදනා එල්ල වූ ප්‍රංශ චිත්‍රපට නළු ජෙරාඩ් ඩෙපාර්ඩියු හට මාස 18 ක අත්හිටවූ සිර දඬුවමක් නියම කර තිබෙනවා.

පැරිසියේ පැවති නඩු විභාගයකදී අදාළ චෝදනාවන්ට වරදකරු වූ ජෙරාඩ් ඩෙපාර්ඩියුට එරෙහිව එම සිර දඬුවම නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම එම කාන්තාවන්ට යුරෝ 1,000 බැඟින් වූ වන්දි ගෙවන ලෙස ද අධිකරණය විසින් ඔහුට නියෝග කර තිබෙනවා.

2021 වසරේදී චිත්‍රපටයක රූපගත කිරීම් අතරතුර තමන්ට ලිංගික හිංසන සිදුකළ බවට අදාළ කාන්තාවන් විසින් 76 හැවිරිදි වියේ පසුවන ජෙරාඩ් ඩෙපාර්ඩියුට එරෙහිව චෝදනා එල්ල කරනු ලැබුවා.

කෙසේ වෙතත්, අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ නීතිඥවරයා විසින් අභියාචනයක් ද අධිකරණයට ඉදිරිපත් කර තිබූ බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *