මෙහෙයුම් ඉහළට යන ඉන්දියාවේ iPhone නිෂ්පාදන

ඇපල් සමාගම විසින් ඉකුත් මාර්තු මාසයෙන් අවසන් වූ මාස 12 තුළදී අමෙරිකානු ඩොලර් බිලියන 22 ක් වටිනා iPhones ඉන්දියාවේදී එකලස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
චීනයෙන් බැහැරව iPhones වෙළෙඳපොළ සලකුණක් වන ඉන්දියාව තුළ එම නිෂ්පාදන පෙර වසරට වඩා 60% කින් පමණ ඉහළ ගොස් ඇති බවද සඳහන් වෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි iPhones නිෂ්පාදනය චීනයෙන් ඉන්දියාවට යොමුවීම වේගවත් කර තිබෙන අතර, ඉන්දියාවේ නිෂ්පාදිත iPhones වලින් වැඩි ප්‍රමාණයක් Foxconn Technology Group හි කර්මාන්තශාලාවේ එකලස් කර තිබෙනවා.
