Aloe Blacc තෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

සංගීතයෙන් ඔබ්බට විහිදුණු ඉතා වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ කීර්තිමත් ගායකයෙකු, ගීත රචකයෙකු සහ ව්‍යවසායකයෙකු වන ඇලෝ බ්ලැක් (Aloe Blacc) මහතා තෙදින සංචාරයක් සඳහා අද (10) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධයෙන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී Aloe Blacc මහතා ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබීය.

ඔහුගේ ‘I Need a Dollar’ සහ ‘Wake Me Up’ වැනි ගීත ගීත ලොව පුරා වඩාත් ජනප්‍රියත්වයට පත් ගීත වන අතර, Aloe Blacc මහතාගේ මෙරට සංචාරය තුළින් ජෛව තාක්‍ෂණය, සෞඛ්‍ය සේවා නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය පිළිබඳ ඔහු තුළ වන උනන්දුව පිළිබිඹු කරනවා.

ශ්‍රී ලංකාවේ රැඳී සිටින දින තුන ඔහු දේශීය ව්‍යවසායකයින්, කලාකරුවන් හමු වෙමින් සංස්කෘතික හා විද්‍යාත්මක ක්ෂේත්‍ර පිළිබඳ සහයෝගිතාවන් වර්ධනය කර ගැනිමට අපේක්ෂා කරන බව පවසනවා.

Aloe Blacc මහතා සංගීතය, ව්‍යවසායකත්ව මෙන්ම සමාජ සේවා කටයුතුවලද මනා කළමනාකරණයකින් යුක්තව නියැළෙන්නෙකි. විද්‍යාඥයෙකු වීමේ අපේක්ෂාවෙන් සිටි මොහු, වසංගත රෝග වැළැක්වීම සඳහා ජෛව තාක්‍ෂණ විසඳුම් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින්ල 2022 දී කොවිඩ් වසංගතයෙන් පසු Major Inc. ආයතනය ආරම්භ කර තිබෙනවා.

එක්සත් ජනපද නාවුක බළකායේ ප්‍රවීණයෙකුද වන Aloe Blacc මහතාගේ පියාගේ දිරිගැන්වීමෙන් ආරම්භ කළ මෙම ආයතනය මේ වන විට ලොව පළමු පෙළේ විද්‍යාඥයින් බොහෝ දෙනෙකු සමඟ එක්ව වෛරස් ආසාදනයන් මර්දනට පිළිබඳව කටයුතු කරමින් සිටිනවා.

ව්‍යාපාරික කටයුතුවලට අමතරව, Aloe Blacc මහතා සංගීතය සහ සමාජ සේවා කටයුතු ද අඛණ්ඩව සිදු කරගෙන යනු ලබන අතර, ඔහුගේ නවතම ඇල්බමය වන Stand Together -2025 තුළින්, එකමුතුකම සහ දරා ගැනීමේ හැකියාව ප්‍රවර්ධනය කෙරෙනවා.

Aloe Blacc මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ඔහුගේ සංගීත විශේෂඥතාව පමණක් නොව, නවෝත්පාදනය, විද්‍යාව සහ සමාජ වගකීම සඳහාද වන උනන්දුව පෙන්නුම් කරන බව පෙනෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *