මුහුදු පතුල යටින් ඉදිවෙන උමං මාර්ගයක්

ඩෙන්මාර්කය සහ ජර්මනිය යා කරමින් උමං මාර්ගයක් ඉදිකිරිමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. උමං මාර්ගය බෝල්ටික් මුහුදු පතුල යටින් ඉදිකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කිලෝ මීටර් 18 කින් යුක්ත මංතීරු දෙකකින් යුත් උමං මාර්ගය විදුලි දුම්රිය මාර්ග දෙකකින් සමන්විත බව සඳහන් වෙනවා.
උමං මාර්ගය සඳහා යුරෝ බිලියන 7.4 ඇස්තමේන්තු කර ඇති අතර, ඒ සඳහා යුරෝපා කොමිසමෙන් බිලියන 1.3 ක් ලබා තිබෙනවා.
