කැනඩාවේ බිහිසුණු අනතුරක්

කැනඩාවේ Vancouver හි පැවති වීදි උත්සවයකදී පිරිසක් අතරට රථයක් කඩා වැදීමෙන් පුද්ගලයින් විශාල පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය හෝ තුවාල ලැබූ සංඛ්‍යාව නිශ්චිතව මෙතෙක් තහවුරු කරගෙන නැති බව සඳහන් වෙනවා.

කෙසේ වෙතත්, අදාළ රථය පැදවූ පුද්ගලයා එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, මෙය ත්‍රස්ත ක්‍රියාවක් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර, විමර්ශන ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *