අවුරුද්දටත් කලින් තෑගි ඇවිල්ලා

සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට හිමාලයානු දුඹුරු වලසුන් (Himalayan Brown Bears ), මියර් කැටි – Meerkat සතුන් ජෝඩු 03 ක්, ස්පොට්ටඩ් හයිනා ජෝඩුවක් (Spotted Hyena) මෙරටට රැගෙන විත් තිබෙන බව වාර්තා වෙනවා.
පසුගිය පෙබරවාරි මස 10 වනදා මෙම සතුන් මෙරටට ගෙනවිත් ඇති බවත්, මෙලෙස රැගෙන එනු ලැබූ සතුන් මසකට අධික කාලයක් නිරෝධායන කිරීමෙන් පසුව දෙහිවල සත්වෝද්‍යානයට සහ හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයට නිදහස් කිරීමට නියමිත බවත් සඳහන් වෙනවා.
මෙම සතුන්ගෙන්, හිමාලයානු දුඹුරු වලසුන් සහ මියර් කැටි ජෝඩු තුන දෙහිවල සත්වෝද්‍යානයටතත්, ස්පොට්ටෙඩ් හයිනා යුවළ හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයට නිදහස් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
මෙම දුඹුරු වලසුන් වැඩි වශයෙන් හිමාලය කඳුවැටිය, උතුරු ඉන්දියාව, නේපාලය, පාකිස්තානය, චීනයල ටිබෙටය යන රටවල වැඩිපුර ජීවත් වෙන අතර, මියර් කැටි සතුන් දකුණු අප්‍රිකාවේ, වියලි ශූෂ්ක කලාපීය තණ බිම් ආශ්‍රිතව, මොසැම්බික්, සිම්බාබය, බොට්ස්වානා යන රටවල ජීවත් වෙනවා.
මේ අතර, ස්පොටඩ් හයිනාවන්ගේ නිජබිම් වන්නේ අප්‍රිකාවේ හවානා තණබිම් හෝ කඳු ආශ්‍රිත කෑලෑබද ප්‍රදේශයන් බව සඳහන් වෙනවා.
කෙසේ වෙතත්, ලංකාවට ගෙන ආ මෙම සතුන් මාර්තු 25 දින සිට මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.