ඉතිහාසයේ සිදුකළ විශාලතම දුම්වැටි වැටලීම

නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකුද රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම විදෙස් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂ 600 ක් පමණ වන බව වාර්තා වෙනවා.

එය මෑතකාළීන ඉතිහාසයේ සිදුකළ විශාලතම දුම්වැටි වැටලීම වන බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරනවා.

ඩුබායි සිට කටුනායකට පැමිණි වැල්ලම්පිටිය, දෙමටගොඩ, බම්බලපිටිය සහ කොස්වත්ත යන ප්‍රදේශ වල පදිංචි තරුණයන් සිව්දෙනෙකු වෙන් වෙන් වශයෙන් මේවා රැගෙන පැමිණ තිබෙන බව සඳහන් වෙනවා.

පරීක්‍ෂණවලදී අනාවරණවී ඇත්තේ ඔවුන් එය සංවිධානාත්මකව සිදුකළ ක්‍රියාවක් බවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *