ජාත්‍යන්තර මාධ්‍යවල මාතෘකාවක් වී සිටින ජනපති දියණිය

චීන ජනාධිපති ෂී ජින්පින්ගේ දියණිය වන ෂී මින්ග්සේ, මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යවල මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

ඒ ඇය රහසිගතව අමෙරිකාවේ රැඳී සිටිමින් හාවඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන බවට පළවන වාර්තා හේතුවෙනි.

2014 දී හාවඩ් විශ්වවිද්‍යාලයේ දී සිය උපාධිය අවසන් කළ ෂී මින්ග්සේ, 2015 දී චීනය වෙත ආපසු ගොස් ඇති අතර, ඇය නැවත අමෙරිකාවට පැමිණ ඇති බව පැවසෙන්නේ 2019 දීයි.

කෙසේ වුවත්, ඇය මේ වනවිට එරට මැසචුසේට්හි චීන කොමියුනිස්ට් පක්ෂ ආරක්ෂකයින්ගේ රැකවරණය මත සිටින බවත් මේ වාර්තාවල දැක්වෙනවා.

විදෙස් සිසුන් බඳවාගැනීම සහ ඔවුන්ගේ හැසිරීම පාලනය නොකිරීම යන කරුණු මත පදනම්ව ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය සහ හාවඩ් පාලනාධිකාරිය අතර මතගැටුම් පවතින පසුබිමක ඇගේ නම කරළියට පැමිණීම විශේෂත්වයක් වෙනවා.

එමෙන්ම අමෙරිකාවේ ඉගෙනුම ලබන චීන කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ හෝ තීරණාත්මක විෂයයන් හදාරන චීන සිසුන් විශාල පිරිසකගේ වීසා අත්හිටුවීමටත් ට්‍රම්ප් පරිපාලනය පියවර ගනිමින් සිටින්නේ ද මේ අතරතුරයි.

ට්‍රම්ප්ගේ මෙම තීරණ, චීන ජනාධිපති දියණියල ෂී මින්ග්සේ ගේ අමෙරිකානු ආගමනය සම්බන්ධ බවට ඇතැම් වාර්තා ඉඟි පළකර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *