තවත් ලෝක වාර්තාවකට හිමිකම් කියන ඉන්දියාව

ඉන්දියාවේ වර්තමාන කිරි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් මිලියන 239 ක් බවට පත්වීමත් සමග, ලොව ඉහළම කිරි නිෂ්පාදකයා බවට ඉන්දියාව පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ගෝලීය කිරි නිෂ්පාදනයෙන් 24% කට වඩා වැඩි දායකත්වයක් ලබා දෙන්නේ ඉන්දියාවයි. විශේෂයෙන් ම ඉදිරි වසර පහ තුළ කිරි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් මිලියන 300 දක්වා වැඩි කිරීම ඉන්දියාවේ අපේක්ෂාව ද වෙන බව සඳහන් වෙනවා.
මෝදි රජය 2014 දී ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් රටේ කිරි නිෂ්පාදනය 63.5% කින් ඉහළ ගොස් ඇති බවත්, ඉදිරි වසර 3 තුළ එය 15% කින් වැඩිකිරීමට රජය බලාපොරොත්තු වන බවත් ඉන්දීය මාධ්‍ය පවසා තිබෙනවා.
විශේෂයෙන් ම රැකියා උත්පාදනය ගත් කළ කෝටි 10 ක ජනතාවක් එම කර්මාන්තයෙන් යැපෙන අතර, ඔවුන්ගෙන් 75% ක් කාන්තාවන් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් වෙනවා.