තවත් අත්හදාබැලීමක් සාර්ථක වෙයි

සන්නිවේදන තාක්ෂණය අත්හදා බැලීමේ අංක 15 දරන චන්ද්‍රිකාව නිරිතදිග චීනයේ Xichang චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයෙන් අද 10 අලුයම 1.17 ට කක්ෂගත කර තිබෙනවා.
එය සිදුකෙරුණේ Long March-3B ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන් බව වාර්තා වෙනවා.
මෙහිදී චන්ද්‍රිකාව නියමිත කක්ෂයට ඇතුළු වූ අතර, මෙහෙයුම සාර්ථකව සම්පූර්ණ කර තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා වෙනවා.
බහු සංඛ්‍යාත කලාප සහ අධිවේගී සන්නිවේදන තාක්ෂණ වලංගුකරණය සඳහා මෙම චන්ද්‍රිකාව ප්‍රධාන වශයෙන් භාවිත කෙරෙනු ඇති බවත්, මෙම දියත් කිරීම Long March වාහක රොකට් මාලාවේ 562 වැනි පියාසැරි මෙහෙයුම සනිටුහන් කිරීමක් වන බවත් වාර්තා වෙනවා.