ජනාකීරණ ප‍්‍රදේශයකට කඩා වැටුණූ ගුවන් යානය

අමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ ජනාකීර්ණ ප්‍රදේශයකට ගුවන් යානයක් කඩා වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙහිදී කුඩා වර්ගයේ ගුවන් යානයක් නිවසකට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
කඩා වැටුණු ගුවන් යානය ගිනි ගැනීමකට ද ලක්ව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ එහි සිටි මගීන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැති බව සඳහන් වෙනවා.
අනතුරට හේතුව ද මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.