ආරුක්කු නවයේ පාලම අවධානමකද?

උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ලල ආරුක්කු 9 පාලමේ ජල කාන්දුවක් පවතින බව වාර්තා වෙනවා.
අධික වර්ෂාව පවතින දිනවල දී එම ජල කාන්දුව පැහැදිලිව දැක ගැනීමට හැකි වන බව සඳහන් වනවා.
ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර 1921 වසරේ දී මෙම ආරුක්කු 9 පාලම ඉදිකර ඇති අතර, එය දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනයට ලක්වූ ස්ථානයක් ලෙස සැළකෙනවා.
අධික වර්ෂාව පැවති පසුගිය දින කිහිපය තුළ පාලමේ එක් ස්ථානයකින් ජල කාන්දුවක් නිරීක්ෂණය වූ බව, එහි ස්වේච්ඡා ආරක්ෂකයෙකු ලෙස කටයුතු කරන ඩබ්ලිව්. එම් සුමනසේන මහතා සඳහන් කරනවා.
කෙසේ වුවත්, අදාළ සිදුවීම පිළිබඳව මෙතෙක් දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් වී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් කඩිනමින් සොයාබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවත්, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කරනවා.
මේ අතර ඇල්ල, ආරුක්කු 9 පාලම ආසන්නයේ පවතින ඉදිකිරීම් සම්බන්ධයෙන් සොයාබලා එහි අනවසර ඉදිකිරීම් ඇත්නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.
