ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එකතු වෙන අලූත් සාමාජිකයා

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එකතු වෙන එයාර් බස් A 330 – 200 නවතම ගුවන් යානය අද (04) උදෑසන පෙර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්සවා තිබෙනවා. එම ගුවන් යානය අද දිවයිනට ළඟා වුණේ ප්‍රංශයේ පැරිස් නුවර සිටයි.
ශ්‍රී ලංකාව ලොවට සම්බන්ධ කරන දිගු දුර හා කෙටි දුර ගමනාන්ත මෙහෙයුම් සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානා ඇණිය සමග එකතුවන මෙම ගුවන් යානය පළමු වරට මෙරට ගුවන්යානා ලෝලීන්ට දැකබලා ගැනීමට අවස්ථාව ලබා දෙමින් අද උදෑසන කොළඹ සහ කටුනායක ඉහළ අහසේ අඩු උසකින් පියාසර කළා.
එහිදී අඩි 1,500 ක පමණ උසකින්, මෙම ගුවන් යානය කොළඹ වෙරළ තීරය ඔස්සේ, වරාය නගරයේ හි දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා පියාසර කරනු ලැබූ අතර, එය දැකගැනීමට බොහෝ පිරිසක් ගාලුමුවදොරට එක්ව සිටි බව දක්නට ලැබුණා.