Microsoft සමාගමෙන් දැඩි තීරණයක්

Microsoft සමාගම විසින් සේවකයින් 6,000 ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
Microsoft සමාගම විසින් මෙම නිවේදනය කර තිබෙන්නේ, පසුගිය අඟහරුවාදායි.
මෙම සේවක කප්පාදුව Microsoft සමාගමේ ශ්‍රම බළකායෙන් 3% කටත් වඩා අඩු ප්‍රමාණයක් බවත්, මෙම සේවක කප්පාදුව හරහා Microsoft සමාගම බලාපොරොත්තු වන්නේ, පිරිවැය පාලනය කිරීම සහ කෘතිම බුද්ධිය සඳහා ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කිරීම බවත්, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර, 2023 දී Microsoft සේවකයින් 10,000 ක් සේවයෙන් ඉවත්කිරීමෙන් පසු සිදුකරන විශාලතම සේවක කප්පාදුව මෙය බව වාර්තා වෙනවා.
