විදේශිකයින්ට දොරටු වැසෙන හාවර්ඩ් විශ්වවිද්‍යාලය

ලොව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් ලෙස සැලකෙන අමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට විදෙස් සිසුන් බඳවාගැනීම ට්‍රම්ප් පරිපාලනය විසින් අත්හිටුවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

එමෙන්ම එම විශ්වවිද්‍යාලයේ දැනට අධ්‍යාපනය හදාරණ දහස් ගණන් සිසුන්ටද වෙනත් විශ්වවිද්‍යාලයකට මාරු විය යුතු බවත්, එසේ නොහැකි නම් සිය රටෙන් යායුතු බවට දැනුම් දී ඇති බවද එම වාර්තාවන්හි දැක්වෙනවා.

මෙම හදිසි තීරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් අමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ, හාවර්ඩ් විශ්වවිද්‍යාලය තුළ ඇමරිකානු විරෝධී ක්‍රියාවන්ට විදෙස් සිසුන් පෙළඹී සිටින බවයි.

එමෙන්ම ත්‍රස්ත හිතවාදී උද්ඝෝෂකයින් සිටින බවත්, ඔවුන් යුදෙව් සිසුන්ට පහරදීමට කටයුතු කිරීමෙන් විශ්වවිද්‍යාලය තුළ අනාරක්ෂිත පරිසරයක් නිර්මාණය වී ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා.

හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ 20,000 කට වැඩි සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන අතර, ඉන් රටවල් 100 කට අධික සංඛ්‍යාවක් නියෝජනය වන පරිදි විදෙස් සිසුන් 6,800 කට ආසන්න සංඛ්‍යාවක් සිටික බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *