ලොව පුරා හදිසි බිඳ වැටීමක ඇති X සමාජ මාධ්‍ය

එලොන් මස්ක්ට අයත් “X” සමාජ මාධ්‍ය වේදිකාව ලොව පුරා හදිසි බිඳ වැටීමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පසුගිය 22 වැනි දින ආරම්භ වූ ප්‍රධාන ඇණහිටිමක ප්‍රතිවිපාකයන්හී තවත් එක් අදියරක් ලෙස ලොව පුරා පරිශීලකයින් රැසකට X සමාජ මාධ්‍ය වේදිකාවට පිවිසීමේදී විවිධ ගැටළු ඇතිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

පරිශීලකයින් රැසකට සෘජු පණිවිඩ නොලැබීම, සටහන් යොමු කිරීමේ අපහසුතාව ඇතුළු විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදුව ඇති අතර පරිගණක සහ ජංගම දුරකථන උපාංග දෙකෙහිම X ගිණුම් ගැටළු වාර්තා වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *