ශ්‍රී ලංකාවට හිමි වූ ඓතිහාසික ජයග්‍රහණයක්

ඉන්දියාවේ තෙලන්ගානා හි පැවති 72 වන ලෝක රූ රැජින උළෙලේදී , ඵම “Multimedia Challenge” අංශයේ අවසන් තරගකරුවන් 20 දෙනා අතරට ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර පැමිණ තිබෙනවා.

මෙය ශ්‍රී ලංකාවට හිමි වූ ඓතිහාසික ජයග්‍රහණයක් බව සඳහන් වෙනවා.

මෙය Miss World තරගයේ fast-track events අංශයෙන් තෝරා ගන්නා ඉහළම 20 දෙනා අතරට ශ්‍රී ලංකාව පැමිණි පළමු අවස්ථාව වන අතර, Asia and Oceania කලාපයේ ඵම Multimedia Challenge අංශයේ අවසන් තරඟකරුවන් 5 දෙනා අතරට තේරීපත්ව සිටින්නේ, නවසීලන්තය, පිලිපීනය, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් නියෝජනය කළ තරගකාරීනියන්ය.

එමෙන්ම Americans and Caribbean, Europe සහ Africa යන කළාප වලින්ද තරගකරුවන් 15 දෙනෙකු තෙරීපත්ව සිටිනවා.

මෙම තරඟකරුවන් 20 දෙනා එක් අවසාන අභියෝගයකට මුහුණ දීමට නියමිතව ඇති අතර, එහිදී ඔවුන්ගේ ලෝක රූ රැජින ගමනේ සම්පූර්ණ කතාව විස්තර කරන වීඩියෝවක් නිර්මාණය කළ යුතු වෙනවා.

ඒ වගේම, එම වීඩියෝව මිනිත්තු 1 යි තත්පර 30 ක් විය යුතු බව සඳහන් වෙනවා.

එය මැයි 29 වන බ්‍රහස්පතින්දා පෙ.ව 10.00 (ඉන්දියානු වේලාවෙන්) වන විට ලෝක රූ රැජින යෙදුමට යොමුකළ යුතුයි.

ඒ අනුව, ඵම Multimedia Challenge අංශයේ අවසාන ප්‍රතිඵලය මෙම සිකුරාදා 30 ලබා දීමට නියමිත අතර, 2025 ලෝක රූ රැජින අවසන් මහා තරඟය මැයි 31 වන දින හයිද්‍රාබාද් ජාත්‍යන්තර ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *