ලොව පදිංචි වීමට සුදුසු රටවල් අතර පළමු තැන

පවුලක් ලෙස ලොව පදිංචි වීමට සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය ශ්‍රී ලංකාව හිමිකර ගෙන තිබෙනවා.
මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබෙන්නේ, ලෝකයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන සී. එන්. ට්‍රැවලර් සඟරාව විසිනුයි.
මෙම ශ්‍රේණිගත කිරීම සඳහා, රටේ සංස්කෘතිය, අධ්‍යාපන ගුණාත්මකභාවය, ප්‍රවහන පහසුකම්, රැකියාවක් සොයා ගැනීමට ඇති හැකියාව, සෞඛ්‍ය පද්ධතිය මෙන්ම ආරක්ෂක තත්වය යන කරුණු යොදා ගෙන තිබෙනවා.
කෙසේ වුවත් මෙම ශ්‍රේණිගත කිරීම අනුව ස්වීඩනය සහ නෝර්වේ යන රටවල් පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථාන හිමිකරගෙන ඇති බව සී. එන්. ට්‍රැවලර් සඟරාවේ සඳහන් වෙනවා.