XIV වන ලියෝ පාප් වහන්සේට පිරිනැමුණු “ධීවරයාගේ මුදුව”

වතිකානයේදී අද XIV වන ලියෝ පාප් වහන්සේගේ පදවි ප්‍රාප්ති දිව්‍ය පූජාවේදී, “ධීවරයාගේ මුදුව” උන්වහන්සේට පිරිනමන ලද බව සඳහන් වෙනවා.
මෙම මුදුව පාප් පදවියට පත්වන නව පාප්වරයාට අභිමානය පිරුණු උත්තරීතර සංකේතයක් වෙනවා.
මෙය භාවිතා වන්නේ නිල ලේඛන සත්‍යාපනය කිරීම සඳහා වන අතර, පාප් පදවි වාරය අවසන් වූ පසු එය විනාශ කෙරෙනවා.
“මරණයෙන් පමනක් පාප් පදවිය අවසන් වේ” ලෙස එය පාප් පදවිය නිමාවට පත් වූ බව තහවුරු කරන සාම්ප්‍රදායික ක්‍රියාවලියකි.
