මොකක්ද මේ කැනඩාවේ ඉදිකරලා තියෙන ස්මාරකය?

කැනඩාවේ වෙසෙන දෙමළ ජාතිකයින් පිරිසක් එරට බ්‍රැම්ප්ටන් නගරයේ ඉදිකළ, LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘත කර ඇති බවට වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
මේ සම්බන්ධයෙන් කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් වාර්තාවක් කැඳවීමට බලාපොරොත්තු වන බව, විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.
කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දෙමළ ජාතිකයින් පිරිසක් විසින් එරට බ්‍රැම්ප්ටන් නගරයේ ඉදිකරනු ලැබූ ස්මාරකයක් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ මේවනවිට වීඩියෝපට කිහිපයක් සංසරණය වෙනවා.
2021 දී යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකළ අනුස්මරණ ස්මාරකය විනාශ කිරීමට ලක්රජය කටයුතු කිරීමට ප්‍රතිචාර වශයෙන් මෙම ස්මාරකය ඉදිකළ බව සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සටහන් මගින් ඔවුන් සඳහන් කර තිබෙනවා.
කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය ඇතුළු කැනඩාවේ සිටින දෙමළ සංවිධානවල අනුග්‍රහයෙන් ඉදිකර ඇති මෙම ස්මාරකය, ඛඔඔෑ සංවිධානය නිර්මාණය කළ බවට පැවසෙන දෙමළ ඊළාම් සිතියම ද ඇතුළත් කරමින් ස්ථාපනය කර ඇති අයුරු දැකගත හැකියි.
අදාළ ස්මාරකය විවෘත කරන අවස්ථාවට ඔන්ටාරියෝහි නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන ශ්‍රී ලංකාවේ යාපනයේ උපත ලද විජේ තනිගසලාම් නැමැත්තෙකු ද එක්ව සිටි අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවල දක්නට ලැබුණු බව සඳහන් වෙනවා.