නැවත දැනුම් දෙනතුරු චෙස් තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් නැවත දැනුම් දෙන තුරු “චෙස් ක්‍රීඩාව” එරටෙහි තහනම් කර තිබෙනවා.

ඒ චෙස් ක්‍රීඩාව සූදුවක් වේයැයි ඇති වූ බිය නිසා බවයි සඳහන් වෙන්නේ.

ඉස්ලාමීය නීතිය සමඟ එහි අනුකූලතාවය තීරණය කළ හැකි වන තෙක් ක්‍රීඩාව දින නියමයක් නොමැතිව තහනම් කර ඇති බව නිලධාරීන් ද පවසා තිබෙනවා.

2021 අගෝස්තු මාසයේදී බලය අල්ලා ගැනීමෙන් පසු, තලේබාන්වරු ඉස්ලාමීය නීතිය පිළිබඳ ඔවුන්ගේ දැඩි දැක්ම පිළිබිඹු කරන නීති සහ රෙගුලාසි නිරන්තරයෙන් පනවනු ලැබුවා. ඒ අනුව, ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට ක්‍රීඩාවකට සහභාගී වීමද සම්පූර්ණයෙන් තහනම් කරලයි තිබෙන්නේ.

තලේබාන් රජයේ ක්‍රීඩා අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රකාශක අටල් මෂ්වානි පවසා ඇත්තේ, ඉස්ලාමීය ෂරියා නීතියේ චෙස් “සූදුව සඳහා මාධ්‍යයක් ලෙස සලකනු ලැබේ” යනුවෙනි.

මෙම සලකා බැලීම් විසඳන තෙක්, ඇෆ්ගනිස්ථානයේ චෙස් ක්‍රීඩාව අත්හිටුවනු බව ඔහු පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *