උෂ්ණත්වයයි ජලයයි අතර සම්බන්ධයක් තියෙනවද?

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ කාලගුණ විපර්යාස සහ ගෝලීය සෞඛ්‍ය පිළිබඳ කමිටුව විසින් පසුගියදා මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණා. එම හමුවට පැමිණි විශේෂඥ වෛද්‍ය ආනන්ද වික්‍රම මහතා මේ දිනවල පවතින අධික උෂ්නත්වය පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා.

පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ශරීරයට ඇතිවන අහිතකර බලපෑම් අවම කර ගැනීම උදෙසා කටයුතු කළ යුතු බවත්, අධික උෂ්ණත්වය හමුවේ ශරීරයේ ඇති ජලය ශරීරයෙන් බැහැර වන බැවින් හැකිතාක් ජලය පානය කිරීම සුදුසු බවත්, කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද වික්‍රම මහතා එහිදී පවසා තිබෙනවා.

එමෙන්ම අධික උෂ්ණත්වය හමුවේ විවිධ ආබාධ ඇති විය හැකි බවත්, විශේෂයෙන් ගර්භණී කාන්තාවන් සහ කුඩා දරුවන් මේ සම්බන්ධව වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු බවත් ඔහු පවසනවා.

අධික උණුසුමෙන් ශරීරයට වෙන බලපෑම

අධික උණුසුම හේතුවෙන් ශරීරයට ඇතිවන බලපෑම විජලනය ලෙස හඳුන්වනු ලබනවා. එහිදී උෂ්ණත්වය වැඩි වන විට ශරීරයට දහඩිය දැමීම, ජලය ශරීරයෙන් බැහැරවීම සිදුවිය හැකි අතර උෂ්ණත්වය වැඩි වාතාරණයක් හමුවේ සමෙහි පවතින ජලය අඩු වීමක්ද දක්නට ලැබෙනවා.

අධික උණුසුම හේතුවෙන්, ශරීරයෙන් අඩුවන ජලය සහ මේ තත්ත්වය ඇති වූ විට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව සම්බන්ධව අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද වික්‍රම මහතා පැවසුවේ හැකිතාක් ජලය පානය මෙන්ම සෙවන ඇති ස්ථාන වල රැඳෙන ලෙසත්ය.

“මේක පොඩි ප්‍රමාණයක් සිදුවීම ශරීරයට දරාගන්න පුළුවන්. නමුත් වැඩි වශයෙන් සිද්ධ වෙනවානම් ඒක ශරීරයට දරාගන්න අපහසු වෙනවා.  එවැනි අවස්ථාවක ශරීරයට අපහසුතාවයන් දැනෙන්න පටන් ගන්නවා. මේකෙදි මුලින්ම වෙන්නේ ශරීරය දුර්වලගතියක් දැනෙන් පුළුවන්, වමනයට යන ගතියක් ඇතිවෙන්න පුළුවන්, සමහරවිට ක්ලාන්ත ගතියක් ඇතිවෙන්න පුළුවන්. එතකොට මෙවැනි වාතාවරණයක් ඇති වුණොත් මෙවැනි වාතාවරණයක් එක්ක අපි සෙවන තියන ස්ථානයකට ගිහින් වැඩිපුර තරල වර්ග පානය කිරීම සුදුසු වෙනවා අපේ විජලන තත්ත්වය පාලනය කර ගැනීම සඳහා.”

ඒවගේම, විජලන තත්ත්වයක් ඇති වූ විට ඒ ගැන නොසළකා ජලය පානය නොකිරීමෙන් ඇතිවන බලපෑම සම්බන්ධවද විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී අදහස් පළ කළ අතර, එහිදී ඔහු පැවසුවේ මේ හේතුවෙන් භයානක තත්ත්වයන් නිර්මාණය විය හැකි බවයි.

“මේක ඉතාමත් භයානක තත්ත්වයකට යනවා. ඒකට අපි කියනවා හීට් ස්ට්‍රෝක් තත්ත්වයක් කියලා. එහෙම තත්ත්වයකදි යම් කිසි කෙනෙක්ට සිහි නැතිවීම් පවා ඇතිවෙන්න පුළුවන් එහෙම වුණොත් ඒක භයානක තත්ත්වයක් දක්වා යන්න පුළුවන්. මේක සිදුවන්නේ කළාතුරකින් නමුත් ඒක සිදුවෙන්න පුළුවන් මේ තියන අධික උෂ්ණත්වයත් එක්ක.”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *