පතබෑවුණුු සද්ධන්තයා

ඊයේ (17) පස්වරුවේ, කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑම සඳහා පැමිණි ගුවන් යානයක් අනතුරට ලක්ව තිබෙනවා. මෙලෙස අනතුරට ලක්වී තිබෙන්නේ ඩෙල්ටා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් වන අතර, සිද්ධියෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අදාළ ගුවන් යානය ගොඩබෑමට යාමේදී හිම කුණාටුවකට හසුවීමෙන් නියමුවන්ට එය පාලනය කර ගැනීමට නොහැකිව ගුවන් පථය තුළ පෙරළී ගොස් එම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 76 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු සිට ඇති අතර, අනතුරින් මගීන් 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන් වෙනවා.

ඩෙල්ටා ගුවන් සේවයට අයත් අදාළ යානය කැනඩාවේ මිනියාපෝලිස් ගුවන් තොටුපොළේ සිට ටොරොන්ටෝ – පියර්සන් ගුවන් තොටුපොළ දක්වා ගමන් කර තිබු බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *