ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වුණු වෙසක් උත්සවය

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මගින් සංවිධානය කල වෙසක් උත්සවය මෙවරත් ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වුණා.

බෞද්ධ ජනතාව මෙන්ම, වෙනත් ආගම් නියෝජනය කරන ජනයාද මේ වෙනුවෙන් එක්වුණා. පැරිස් නගරයේ බුවා ද වැන්සන්හි පිහිටි බෞද්ධ මධ්‍යස්ථානයේදීයි මෙම පිංකම් මාලාව පැවැත්වුණා.

සංස්කෘතික අංග රැසකින් පිරුණු බෞද්ධ පෙරහර, සත් බුදු වන්දනාමය පිංකමක්, විශේෂ ධර්ම දේශනා මෙන්ම භක්ති ගී ප්‍රසංගයක්ද වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානවී තිබුණා.

මෙම වෙසක් උත්සවය සංවිධානවී තිබුණේ, ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනි මනීෂා ගුණසේකර මහත්මියද පිංකම් මාලාවට එක්වූ අතර, ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පරවාහැර චන්දරතන නායක හිමියන්ගේ අනුසාශකත්වය මතයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *