40 වන ලෝක විවාහක රූ රැජිණ කිරුළ

40 වන ලෝක විවාහක රූ රැජින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වුණු ඉෂාධි අමන්දා එම තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකරගත් බව වාර්තා වෙනවා.
2025 ලෝක විවාහක රූ රැජින තරගය මෙවර පැවැත්වුනේ අමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හිදියි.
පසුගියදා මෙරට පැවැත්වු විවාහක රූ රැජණ -2024 තරගයේ කිරුළ දිනාගැනීමත් සමග මෙවර ලෝක විවාහක රූ රැජින තරගය නියෝජනය කිරීමට ඉෂාදි අමන්දා සුදුසුකම් ලබාගත්තා.
මෙවර ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ දකුණු අප්‍රිකාවට හිමිවූ අතර, තුන්වන ස්ථානය හිමිවුයේ තායිලන්තයටයි.
කුඩා කල පටන් රූපලාවණ්‍යය කෙරෙහි දැඩි ඇල්මක් දැක්වූ තරුණියක් වන ඉෂාධි අමන්දා, ප්‍රංශයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික කාන්තාවකි.