ලොව විශාලතම ගායන තරගාවලියේ ජයග‍්‍රාහකයා

යුරෝපානු කලාපීය ගායන ශිල්පීන්ට වඩාත් සුවිශේෂී තරගාවලියක් වන Eurovision ගායන තරගය මෙවර ජය ගැනීමට 24 හැවිරිදි ඔස්ට්‍රියානු ගායක JJ සමත්ව තිබෙනවා.

යුරෝපානු ගායන ශිල්පීන්ට වඩාත් සුවිශේෂී තරගාවලියක් වන ජාත්‍යන්තර Eurovision ගායන තරගය සැලකෙන්නේ ලොව විශාලතම ගායන තරගාවලිය ලෙසයි.

ඒ අනුව, 69 වැනි Eurovision තරගාවලිය මෙවර උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණේ ස්විට්සර්ලන්තයේ බාසල් නගරයේ දී වන අතර, ලොව පුරා සංගීත ලෝලීන් මිලියන 160 ඉක්මවූ පිරිසක් රූපවාහිනිය ඔස්සේ Eurovision නරඹන අතර සිය ප්‍රියතම තරඟකරුවාට මනාපය පළ කිරීමටත් ඔවුන්ට අවස්ථාව හිමි වුණා.

ඒ අනුව, තරගාවලියේ ජයග්‍රාහකයා තීරණය කෙරෙන්නේ ජනතා මනාපය සහ තරගය විනිශ්චයට එක්වන ජූරි සභිකයින් පස් දෙනාගේ මනාපය සැලකිල්ලට ගනිමිනි.

මෙවර තරගාවලියේ දී ජයග්‍රාහක ඔස්ට්‍රියානු ගායක න්‍න්‍ දිනාගත් ලකුණු සංඛ්‍යාව 436 ක් ලෙස දැක්වෙනවා. මීට අමතරව, ඊශ්‍රායලය නියෝජනය කළ තරගකරු ලකුණු 357 ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයත්, එස්ටෝනියාව නියෝජනය කළ තරඟකරු ලකුණු 356 ක් ලබා ගනිමින් තෙවැනි ස්ථානයත් දිනා ගැනීමට සමත්ව තිබුණා.

මීට පෙර 1966 සහ 2014 වසරවල දී ඔස්ට්‍රියාව Eurovision තරගාවලිය ජය ගැනීමට සමත්ව තිබෙන බවත්, ඒ අනුව මෙය ඔස්ට්‍රියානු ජතික තරගකරුවෙක් Eurovision කිරුළ හිමිකරගත් තෙවැනි අවස්ථාව බවත් දැක්වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *