ස්වර්ගස්ථ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ නික්ම යාම

ලෝකවාසී බිලියන 1.4 ක කතෝලික ජනතාවකගේ ජීවමාන නායකයාව සිටි ස්වර්ගස්ථ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල්‍ය කටයුතු වතිකානයේ වේලාවෙන් අද පෙ.ව. 10.00 ට ආරම්භ වුණා.
ඒ විශ්ව කතෝලිකයන්ගේ කේන්ද්‍රීය සිද්ධස්ථානය වූ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ එළිමහන් පරිශ්‍රයේදීයි.
අවමංගල්‍ය දේව මෙහෙය වතිකානයේ ප්‍රමුඛතම නිලයක් වන කැමර්ලින්ගෝ නිලය හොඹවන අතිඋතුම් කාදිනල් කෙවින් ෆ්‍රැරල් විසින් මෙහෙයවනවා.
ඒ සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු ඇතුළු ලෝක නායකයන් රැසක් එක්වී සිටියා.
එසේම සිය ආදරණිය නායකයාට අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ ගණනක කතෝලික බැතිමතුන්ද වතිකානයට එක් රොක් වී තිබෙනවා.
