කැනඩාවේ ඔටාවාහි සැමරූ අසිරිමත් සම්බුදු තෙමඟුල

අසිරිමත් සම්බුදු තෙමඟුල සමරමින් කැනඩාවේ ඔටාවාහි හිල්ඩා ජයවර්ධනාරාමයෙහි සුවිශේෂ ආගමික කටයුතු රාශියක් මෙවර සංවිධානකර තිබුණා. මෙය කැනඩාවේ ඔටාවාහි පලමු වරටයි සංවිධාන වෙලා තියෙන්නේ.

මෙහි තිබූ පරිවාර කූඩු 80 න් සමන්විත මහා පහන් කූඩුව වැඩි අවධානයක් දිනාගත් අතර, වෙසක් තොරණ, වෙසක් දන්සල සහ වෙසක් බැති ගී වලින් උත්සවය වර්ණවත් වී තිබුණු බව සඳහන් වෙනවා.

කැනඩාවේ ප්‍රධන සංඝානායක බ්‍රාහ්මණගම මුදිත නාහිමි හා විහාරාධිකාරි නුගේගලයායේ ජිනානන්ද හිමිගේ අනුශාසනා මත මෙම වෙසක් සැමරුම සංවිධාන කර තිබුණු බව සඳහන් වෙනවා.

ඔටාවාහි නගරාධිපතිතුමා හා කැනඩාවේ ශ්‍රි ලංකා මහකොමසාරිස්තුමා ඇතුලු බොහෝ පිරිසක් මේ සඳහා සහාභාගි වී තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *