ඇමෙරිකාවෙන් ශ‍්‍රී ලංකාවත් සම්බන්ධ අනාවරණයක්

ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේත්, ඉන්දියාවේ සහ පකිස්ථානයේත් අමෙරිකානු CIA කාර්යාල හෝ කඳවුරු පවත්වාගෙන ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ නියෝගයක් අනුව, අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෝන් එෆ්. කෙනඩි මහතාගේ ඝාතනය සම්බන්ධ තොරතුරු සහිත රහසිගත ලිපිගොනු රැසක් පසුගියදා ප්‍රසිද්ධ කෙරුණා. රුසියානු RT රූපවාහිනිය මෙම ලිපිගොනුවල සඳහන් කරුණු උපුටා දක්වමින් X පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් කර තිබෙන්නේ, අමෙරිකාව විසින් ලෝකයේ ඇතැම් රටවල්වල රහසිගත CIA කඳවුරු පවත්වාගෙන ගොස් ඇති බවයි. ඒ වගේම, අමෙරිකාව රටවල් රැසක් තුළ CIA සීක්‍රට් බේස් හෙවත් බ්ලැක් සයිට්ස් පවත්වාගෙන ගොස් ඇති බව එය උපුටා දක්වන විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
අදාළ ලිපිගොනුවලට අනුව, ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේත්, ඉන්දියාවේ නවදිල්ලි සහ කොල්කටා නගරවලත්, පකිස්ථානයේ රාවල්පිණ්ඩි නගරයේත්, ජපානයේ ටෝකියෝ නගරයේත් මෙලෙස CIA කාර්යාල හෝ කඳවුරු පවත්වාගෙන ගිය බව සඳහන් වෙනවා.
කෙනඩි ඝාතනය පිළිබඳ විමර්ශන කොමිසම හමුවට ඉදිරිපත් කෙරුණු ලේඛන තුළ මෙම කරුණු අන්තර්ගත බව සඳහන් වෙනවා.