ගොඩාක් පරිස්සමින් ඉන්න ඕනේ

දිවයිනට දැනට බලපා ඇති වියලි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවැතිය හැකියි. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 28 ක තිබිය යුතු කොළඹ උෂ්ණත්වය අද 15 දිනයේ සෙල්සියස් අංශක 31 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම අධික උෂ්ණත්වය හමුවේ ජනතාවගේ දෛනික කටයතුවලට බාධා එල්වන තත්ත්වයක් මතුව ඇති අතර, පවතින තත්ත්වය සම්බන්ධයෙන් වඩා අවධානය යොමු කළ යුතු වෙනවා.
අධික උෂ්ණත්වය හේතුවෙන් ශරීරයේ ජලය සහ ලවණ දහඩිය ලෙස පිටවන අතර, ඒ හේතුවෙන් සෞඛ්‍ය සම්පන්න අයෙකු වුවද විජලනයට පත්විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
විශේෂයෙන් ම එළිමහනේ කටයුතු කරන පුද්ගලයින්, මහාමාර්ගවල වැඩකරන පුද්ගලයින් මෙන්ම මේ දිනවල කුඹුරු ආශ්‍රිතව වැඩ කරන පුද්ගලයින්ද වඩා කල්පනාකාරී විය යුතුයි.
අධික විජලන තත්ත්වය හේතුවෙන් හෘද වස්තුවට සහ මොළයට බලපෑම් එල්ලවිය හැකි අතර, එය තාප කම්පන තත්ත්වයක් ලෙසද හඳුන්වනවා. මෙම තත්ත්වයන්වලින් වැලකීමට නම් වැඩිපුර ජලය පානය කළ යුතු බව මතක තබා ගන්න.
එමෙන්ම වැඩි වශයෙන් ස්වභාවික දියර වර්ග පානයට ගත යුතු බව පෙන්වා දෙන සෞඛ්‍ය අංශ කෘතීම දියර වර්ග පානය ශරීරයට අහිතකර බවද සඳහන් කරන අතර, මේ දිනවල පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා තරග පැවැත්වෙන බැවින් ළමයින් අධික හිරු රශ්මියට නිරාවරණය වීම සම්බන්ධව සැලකිලිමත් විය යුතු වෙනවා.
ළමයින් දහවල් කාලයේදී වැඩි වේලාවක් අධික හිරු රශ්මියට නිරාවරණය වුවහොත් ඔවුන්ද තාප කම්පන තත්ත්වයට පත්විය හැකි බව පෙන්වා දෙන වෛද්‍යවරයා එම හේතුවෙන් විජලන තත්ත්වයට පත්වන බවද සඳහන් කරන අතර, විශේෂයෙන් මේ දිනවල කුඩා දරුවන්ට තැඹිලි, කුරුම්බා, දෙහි, දෙළුම්, දොඩම්, නාරං වැනි පාන ඉතා සුදුසු බවත් දිනකට විනාඩි 20ක් පමණ ජලයේ රැඳී සිටීමට ඉඩ හැරිය යුතුයි.
අධික උෂ්ණත්වය හේතුවෙන් ශරීරයේ අභ්‍යන්තරයට මෙන්ම සමටද ඉතා හානිදායක තත්ත්වයන් මතුවිය හැකි අතර, දැරීමට අපහසු උණුසුමකදී දහඩිය බිබිලි, දද, කුෂ්ඨ වැනි සමේ රෝගද ඇති විය හැකියි.