ලොව විශාලතම විලාසිතා රාත්‍රිය – MET GALA 2025

නිව්යෝර්ක් නුවර මෙට්‍රෝපොලිටන් කලා කෞතුකාගාරය මඟින් පවත්වන ලොව විශාලතම විලාසිතා රාත්‍රිය ” MET GALA – 2025″ ඊයේ (05) නිව්යෝර්ක් නුවර දී පැවැත්වුණා.

ඒ ලෝ ප්‍රකට කලාකරුවන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයින් රැසකගේ සහභාගිත්වයෙනි.

ඒ අතර, අමෙරිකානු රංගන ශිල්පිනී ඩෙමී මෝර්, සුප්‍රසිද්ධ ගායිකා රිහානා, ඩයනා රෝස්, ලෝ ප්‍රකට ගායිකා ශකීරා ද අයත් වෙනවා.

විශේෂයෙන් ම බොලිවුඩ් නළු ශාරුක් ඛාන් MET GALA රාත්‍රියට සහභාගි වුණේ ඊට එක්වූ පළමු ඉන්දීය රංගන ශිල්පියා ලෙස වාර්තා අතරට එක් වෙමිනි.

එමෙන්ම ප්‍රියංකා චොප්රා සහ කියාරා අද්වානි ද මෙවර MET GALA සමඟ එක්වූ බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *