ලොව සිව්වැනියට විශාලතම ආර්ථිකය හිමි රට

ජපානය අභිබවමින් ඉන්දියාව ලොව සිව්වැනියට විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දියාව පරිවර්තනය කිරීම සඳහා වූ ජාතික ආයතනය සඳහන් කරන්නේ, ඉන්දියාව මේ වසරේදී අමෙරිකා ඩොලර් ට්‍රිලියන 4.187 ක ආදායමක් උපයා ඇති බවයි වාර්තා වෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්වූ ”2047 වසරේදී විකසිත භාරතයක් – විකසිත රාජ්‍යයක්” මැයෙන් පැවැති උත්සවයට සමගාමී ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ඉන්දීය රජයේ නියෝජිතයින් අනාවරණ කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්ත අනුව දළ දේශීය නිෂ්පාදනය අනුව ලොව විශාලතම ආර්ථිකය හිමි සටහනේ මුල්තැන අමෙරිකාවට හිමිව ඇති අතර එය දැක්වෙන්නේ අමෙරිකා ඩොලර් ට්‍රිලියන 30.51 ක් ලෙස දැක්වෙන බව සඳහන් වෙනවා.
එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය අමෙරිකා ඩොලර් ට්‍රිලියන 19.23 ක ආර්ථිකයක් චීනය අත්කරගෙන තිබෙන අතර, ජර්මනිය පසුවන්නේ එහි තෙවැනි ස්ථානයේයි.