ඒ ජයග‍්‍රාහී දිනය පසුවී අදට වසර 29 ක්

අද ක‍්‍රීඩා ලෝලීන්ට විශේෂ දිනයක්. ඒ මීට වසර 29 කට පෙර ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගන්නේ අද (17) වැනි සුවිශේෂී දිනයක වීම ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට නම් කිසිදා අමතක නොවන බව විශ්වාසයි.

1996 වසරේ පැවති එක්දින ලෝක කුසලන අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 07 කින් පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කළා.

පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවති ලෝක කුසලාන අවසන් මහ තරගයේදී තරග බිමට පිවිසියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාවයි. ශ්‍රී ලංකා කණ්ඩායම 1996 ලෝක කුසලානයට පිවිසියේ අර්ජුුන රණතුංගගේ නායකත්වයෙනි.

පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 241 ක් ලබා ගත්තා. ලකුණු 242 ක ජයග්‍රහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46 යි පන්දු 2 ක් අවසානයේ සිය ජයග්‍රහී ඉලක්කය පසුකර යමින් ඒ ඓතිහාසික ජයග්‍රහණය මෙරටට දිනා දෙනු ලැබුවා.

එහිදි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වු සනත් ජයසූරියව සහ රොමේෂ් කලුවිතාරණව ලකුණු 23 ක් තුළ දවා ගන්නට ඔස්ට්‍රේලියා පන්දු යවන්නන්ට හැකිවුණා. නමුත් තුන්වැනි කඩුල්ලට ලකුණු 125 ක විශිෂ්ඨ සබඳතාවක් එක්කළ අරවින් ද සිල්වා සහ අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජය මාවත විවර කරනු ලැබුවා. එම සබඳතාව බිඳ වැටුණේ අසංක ගුරුසිංහ ලකුණු 65 කට දැවී යාමත් සමඟයි.

ඉන් අනතුරුව පිටියට පිවිසි නායක අර්ජුන රණතුංග අරවිද සමඟ එක්ව ශ්‍රී ලංකා කණ්ඩාම සුරැකිව ඓතිහාසික ජයග්‍රහණය කරා රැගෙන ගිය අතර, එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩාකළ අරවින්ද සිල්වා නොදැවී ලකුණු 107 ක් ලබා ගනිමින් අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගනු ලැබුවා.

එහිදී අර්ජුන රණතුංග නොදැවී ලකුණු 47 යි. තරගාවලියේ වීරයා වුයේ සනත් ජයසුරියයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *