හෙළ සිනමාවේ නිළි රැජිණියගේ අවමංගල්‍ය උත්සවය

හෙල සිනමාවේ ‘නිළි රැජිණ‘ ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ රංගන ශිලිපිණී මාලිනී ෆොන්සේකා මහත්මිය පසුගිය සෙනසුරාදා සිය දිවි සැරිය නිම කළා.

අභාවප්‍රාප්ත වන විට 78 වන වියේ පසුවු මාලනී ෆොන්සේකා මහත්මිය, .වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා. නමින් 1947 අප්‍රේල් මස 30 වනදා කැළණියේ දී උපත ලැබුවා.

1963 වසරේිනොරත රථ‘ වේදිකා නාට්‍යයෙන් සිය රංගන දිවිය ආරම්භ කළ මාලනී ෆොන්සේකා මහත්මිය සිනමාවට පිවිසුණේ, 1968 වසරේදී තිරගත වූිපුංචි බාබා‘ චිත්‍රපටයෙනි.

අනතුරුව ගතවූ දශක 06 කට ආසන්න කාලය තුළ චිත්‍රපට 150 කට ආසන්න සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී, විශිෂ්ට සිනමා නිර්මාණ රැසක් මෙරට සිනමා ක්ෂේත්‍රයට දායාද කිරීමට මාලිනි ෆොන්සේකා මහත්මිය සමත්වුණා.

නිධානය, බඹරු ඇවිත්, එයා දැන් ලොකු ළමයෙක්, වෑකන්දේ වලව්ව, ආරාධනා, අම්මාවරුනේ, අපේක්ෂා, ආකාස කුසුම්, ඇතුළු විත්‍රපට හරහා සිය රංගන හැකියාව මනාව ප්‍රකට කළ ඇය, පිටගම්කාරයෝ, කෙම්මුර, අඹු දරුවෝ ඇතුළු ටෙලි නාට්‍ය සඳහා ද රංගනයෙන් දායක වුණා.

මාලනී ෆොන්සේකා මහත්මියගේ විශිෂ්ඨ රංග කුසලතා හේතුවෙන් අවස්ථා ගණනාවක දී ඇය දෙස් විදෙස් සම්මාන රැසකින් ද පිදුම් ලැබුවා.

දැයට විශාල හිස්තැනක් ඉතිරි කරමින් අභාවප්‍රාප්ත වුණූ හෙළ සිනමාවේ නිළි රැජින, මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද 26 පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී සිදුකිරීමට නියමිතව ඇති අතර, එතුමිගේ දේහය දැනට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කර ඇති අතර, දේහය අද පෙරවරු 8.00ට කොළඹ 07 නිදහස් චතුරස්‍රය වෙත රැගෙන යාමට නියමිතව තිබුණා.

පසුව පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා මහජන ගෞරවය සඳහා අවස්ථාව සලසාදීමට නියමිතයි.

පස්වරු 03.30ට ඇය අධ්‍යාපනය ලැබු කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කලාකරුවන් විසින් දේහය බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීම සඳහා ඉදිකළ විශේෂ වේදිකාව වෙත රැගෙන යාමට නියමිතව තිබෙන අතර, පස්වරු 5.45 ට දේහය චිතකය වෙත රැගෙන යාම සිදුකිරීමට නියමිත බව වාර්තා වෙනවා.

මේ අතර, මාලනී ෆොන්සේකා මහත්මියගේ අවමගුල් උත්සවය හේතුවෙන් නිදහස් චතුරශ්‍රය අවට ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය පවසනවා.

ඒ අනුව, අවමංගල්‍ය පෙරහැර හා උත්සවය වෙනුවෙන් මාර්ග වසා තැබීමක් සිදුනොකරන අතර, අවමංගල්‍ය පෙරහැර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ හන්දියේ සිට නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරශ්‍රය දක්වා ගමන් කිරීමේදී විනාඩි 15 ක පමණ කාලයක් සඳහා නිදහස් වටරවුම සිට නිදහස් මාවතට ඇතුළුවන රථවාහන සීමා කිරීමට නියමිත බව සඳහන් වෙනවා.

කෙසේ නමුත්, අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන අවස්ථාවේ ඒ අවට පිහිටා ඇති නිදහස් මාවත සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඉදිරියෙන් දිවෙන ප්‍රේමකීර්ති ද අල්විස් මාවත යන මාර්ගයන්හි අවහිරතාවයක් ඇති වීමට ඉඩ ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය දැනුම් දී තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *