2009 වසරට පසවු ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ජය

බෘෘනායි කණ්ඩායමට එරෙහිව වසර 16 කට පසු පාපන්දු තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (05) සමත් වී තිබෙනවා.
ඒ තායිලන්තයේ පැවැති ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයෙන් ගෝල 1-0 ක් ලෙස බෘෘනායි කණ්ඩායම පරාජය කරමිනි.
තරගයේ පළමු අර්ධයේදී කිසිවෙකුට හෝ ගෝල වාර්තාකිරීමට නොහැකි වූ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය තරගයේ 57වන මිනිත්තුවේදී ලියෝන් පෙරේරා විසින් වාර්තා කරනවා.
ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව මේ වනවිට 200 වන ස්ථානයේ පසුවෙනවා.
බෘෘනායි කණ්ඩායම එම සටහනේ රැඳී සිටින්නේ ශ්‍රී ලංකාවට වඩා ස්ථාන 15 ක් ඉදිරියෙනි. එනම් 185 වන ස්ථානයේයි.
ශ්‍රී ලංකා කණ්ඩායම අවසන්වරට 2009 වසරේදී බෲනායි කණ්ඩායම පරාජය කර තිබූ අතර, එහිදී ඔවුන් ගෝල 5-1 ක පහසු ජයක් ලබා තිබුණා.