සෞදි අරාබියෙන් තාවකාලික වීසා තහනමක්

සෞදි අරාබිය විසින් බංග්ලාදේශය ඇතුළු රටවල් 13 කට තාවකාලික වීසා තහනමක් පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ වගේම, ජුනි මැද භාගය වන විට එය ඉවත් කළ හැකි බවත් එහි සඳහන් වෙනවා.

වීසා තහනමෙන් බලපෑමට ලක් වූ අනෙක් රටවල් වන්නේ පකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉන්දුනීසියාව, ඉරාකය, නයිජීරියාව, ජෝර්දානය, ඇල්ජීරියාව, සුඩානය, ඉතියෝපියාව, ටියුනීසියාව සහ යේමනයයි.

මෙම තාවකාලික සීමාව පිටුපස ඇති ප්‍රධාන හේතු කිහිපයක් සෞදි නිලධාරීන් ඉස්මතු කර තිබෙනු දක්නට ලැබෙනවා.

ඇතැම් පුද්ගලයින් සෞදි අරාබියට ඇතුළු වීමට බහු-ප්‍රවේශ වීසා භාවිතා කර ඇති අතර, පසුව හජ් සමය දක්වා නීති විරෝධී ලෙස රැඳී සිටින බවත්, එම නිසා අධික තදබදය සහ ආරක්ෂක අවදානම් වලට එය හේතු වන බවත් සෞදි නිලධාරීන් සඳහන් කරනවා.

එමෙන්ම, ව්‍යාපාරික හෝ පවුල් සංචාර වීසා මත ඇතුළු වන බොහෝ පුද්ගලයින් අවසරයකින් තොරව වැඩ කරමින්, වීසා කොන්දේසි උල්ලංඝණය කරමින් සහ ශ්‍රම වෙළඳපොලේ බාධා ඇති කරමින් සිටින බව වාර්තා වී තිබෙනවා.

මේ නිසා හජ් සමයේදී සංචාර නියාමනය කිරීමට සහ ආරක්ෂාව සහතික කිරීමට තාවකාලික වීසා අත්හිටුවීම අදහස් කරන බව සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

විශේෂයෙන් ම බලධාරීන් විසින් වීසා අයැදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ නව රෙගුලාසිවලට අනුකූල වන ලෙසයි. එසේ කිරීමට අපොහොසත් වීමෙන් දඬුවම් ලැබිය හැකි බවට අනතුරු අඟවා තිබෙන බවත් සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *