රෝහලකට සහ වෙළෙඳපොළකට බෝම්බ ප්‍රහාරයක්

දකුණු සුඩානයේ රෝහලකට සහ වෙළෙඳපොළකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරය .ජාත්‍යන්තර මානුෂීය නීතිය පැහැදිලිව උල්ලංඝනය කිරීමක් බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
සිද්ධිය ඇසින් දුටුවන් පවසා ඇත්තේ, ජොන්ග්ලෙයි ප්‍රාන්තයේ ඕල්ඩ් ෆන්ගක් හි පවත්වාගෙන යන රෝහලේ ෆාමසියට ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක් බෝම්බය හෙළා ඇති බවයි.
එමෙන්ම එම ප්‍රහාරයෙන් අදාළ ස්ථානය ගිනිබත් කර විනාඩි 30 ක් පුරා නගරයට වෙඩි තබා ඇති අතර, ඉන් අනතුරුව ඩ්‍රෝන යානයකින් වෙළඳපොළට බෝම්බ හෙලා තිබෙනවා.
110,000 කට වැඩි ජනගහනයක් සිටින ෆන්ගක් ප්‍රාන්තයේ ඇති එකම රෝහල මෙම රෝහල වන අතර, ප්‍රහාරයෙන් පසු රෝහලේ සියලුම වෛද්‍ය සැපයුම් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
රට තුළ සිවිල් යුද්ධයක් නැවත ඇතිවීමේ බිය වර්ධනය වෙමින් පවතින බවයි.