ජීවිත රැසක් අහිමි කරමින් කඩා වුටුණු වහලය

ඩොමිනික් රාජ්‍යයේ අගනුවර වන සැන්ටෝ ඩොමින්ගෝ හි රාත්‍රි සමාජ ශාලාවක වහලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 79 දෙනෙකු මියගොස් තිබෙන අතර, තවත් පුද්ගලයින් 160 දෙනෙකු තුවාල තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසනවා.

මියගිය පිරිස අතර ආණ්ඩුකාරවරයෙකු සහ හිටපු බේස්බෝල් ක්‍රීඩකයෙකුද වන බව සඳහන් වෙනවා.

ඒ වගේම, වහලය කඩා වැටෙන අවස්ථාවේ එහි ගායනයේ යෙදී සිටි ප්‍රකට ගායකයෙකු සුන්බුන් අතර සිරවී සිටි බව සඳහන් වෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී විශාල පිරිසක් එහි රැඳී සිට ඇති අතර, සුන්බුන් අතර සිරවූවන් සෙවීම සඳහා 400 ක පිරිසක් කටයුතු කරමින් සිටින අතර, මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *