ස්කයිප් නැති වෙන්නේ සදහටමද?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයින් භාවිත කළ වීඩියෝ ඇමතුම් සේවාවක් වූ මයික්‍රොසොෆ්ට් සමාගමය අයත්ව තිබූ ස්කයිප් යෙදුම අද (05) සිට වසා දමන බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

පසුගිය මාර්තු මස ස්කයිප් සිය ඞ ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියේ මැයි මාසයේ සිට සිය මෙහෙයුම් නැවැත්වීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත්, එම මෙහෙයුම් නැවැත්වීමෙන් පසුව ස්කයිප් ගිණුම් හිමියන්ට එම මුරපද සමග ඵසජරදිදඓ ඔැ්පි ත්‍රුැ වෙත සම්බන්ධව වීමට හැකියාව ලැබෙන බවත් එම සමාගම සඳහන් කරනවා.

2003 වසරෙදී ප්‍රථම වරට නිකුත් කරන ලද ස්කයිප් 2011 දී මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඩොලර් බිලියන 8.5 කට මිලදී ගන්නා ලද අතර, එය එකල එහි විශාලතම අත්පත් කර ගැනීම බවද වාර්තා වුණා.

ස්කයිප් කලක් ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවි වලින් එකක් වූ අතර, ලොව පුරා සිටින මිතුරන්ට සහ පවුලේ අයට තම පරිගණක හරහා නොමිලේ වීඩියෝ සහ ඕඩියෝ ඇමතුම් ලබා ගැනීමට මිනිසුන්ට අවකාශය සැලසූවකි.

ස්කයිප් මෙම සේවාව ලබා දුන් පළමු හෝ එකම සමාගම නොවූවත්, පරිශීලකයින්ට පරිගණකයෙන් පරිගණකයට නොමිලේ ඇමතුම් ලබා ගැනීමට ඉඩ දීමෙන් එය ජනප්‍රිය කිරීමට ද උපකාරී වූ බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *