ලෝක ටෙස්ට් ශූරතාවලියේ ත්‍යාග මුදල් ලැබීම්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් මෙවර (2023-25) ලෝක ටෙස්ට් ශූරතාවලිය අවසන් මහා තරගය ඇතුළුව එක් එක් ස්ථාන සඳහා පිරිනමනු ලබන ත්‍යාග මුදල් ප්‍රමාණයන් අද (15) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර ලෝඩ්ස්හි පැවැත්වෙන අවසන් මහා තරගයට මාසයකටත් අඩු කාලයක් ඉතිරිව තිබියදී මෙම ත්‍යාග මුදල් එළිදැක්වීම විශේෂත්වයක් වෙනවා.

ඒ අනුව මෙවර ​​අවසන් මහා තරගය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 5.76 ක් එනම් මෙරට මුදලින් රුපියල් කෝටි 172 ක් වෙන්කර ඇති බව සඳහන් වෙනවා. එය පෙර අදියර දෙකට වඩා දෙගුණයකටත් වඩා වැඩි බව වාර්තා වෙනවා.

මෙහිදී ශූරයන් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 3.6 ක් වෙන්කර ඇති අතර, එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 108 ක අගයක් ගන්නා බවත්, අනුශූරයන් සඳහාද අමෙරිකානු ඩොලර් මිලියන 2.16 ක් :රු.කෝ. 64* වෙන්කර ඇති බවත් සඳහන් වෙනවා.

මීට අමතරව ප්‍රසාද ලකුණු සටහනේ එක් එක් ස්ථාන අනුව මෙවරද ත්‍යාග මුදල් ලබාදෙන අතර, එයද පසුගිය අදියර දෙකට සාපෙක්ෂව ඉහළ අගයක් ගනු ලබනවා.

ඒ අනුව, මෙවර තරගාවලියේ 6 වන ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් 840,000 ක මුදලක් හිමිවන අතර, එය ශ්‍රී ලංකා රුපියල් කෝටි 25 කට වැඩි අගයක් වෙනවා.

ඒ වගේම, මෙවර තරගාවලියේ තෙවන ස්ථානය හිමිකරගත් ඉන්දියාවට අැ.ඩො. 1,440,000 ක්, 4 වන ස්ථානය හිමිකරගත් නවසීලන්තයට අැ.ඩො. 1,200,000 ක් සහ 5 වන ස්ථානය හිමිකරගත් එංගලන්තයට ඇ.ඩො. 960,000 ක් හිමිවෙන බව සඳහන් වෙනවා.

ඊට අමතරව 7 වන ස්ථානය හිමිකරගත් බංග්ලාදේශයට ඇ.ඩො.720,000ක්, 8 වන ස්ථානය හිමිකරගත් බ.ඉ. කොදෙව්වන්ට අැ.ඩො. 600,000 හා 9 වන හා අවසන් ස්ථානය හිමිකරගත් පාකිස්තානයට ඇ.ඩො. 480,000 ක් ලෙසින් මුදල් ත්‍යාග හිමි වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *