ජනපති ට‍්‍රම්ගේ අත්සනින් අවසන් වූ මාධ්‍ය ආයතනය

අමෙරිකාවේ පැරණිතම සහ විශාලතම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය වන Voice of America මාධ්‍ය ජාලය වසා දැමීමේ විධායක නියෝගයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගියදා අත්සන් තබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, ට්‍රම්ප් විරෝධී රැඩිකල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට චෝදනා කරමිනි.
දෙවැනි ලෝක යුද සමයේ 1942 වසරේදී වොයිස් ඔෆ් අමෙරිකා මාධ්‍ය ජාලය ආරම්භ වන්නේ, නාසි සහ ජපන් ප්‍රචාරණ වලට එරෙහි විකාශන ජාලයක් ලෙසයි.
BBC මාධ්‍ය ජාලයෙන් කුලී පදනම මත ලබාගත් සම්ප්‍රේෂණ උපාංග ඔස්සේ එහි විකාශය කටයුතු ආරම්භ වී තිබෙනවා. මේ වනවිට ලොව පුරා භාෂා 48 කින් එහි විකාශන ජාලය ව්‍යාප්තව තිබෙන්නේ, ගුවන් විදුලි, රූපවාහිනී සහ ඩිජිටල් යන සියලු විද්‍යුත් මාධ්‍ය ජාලා ඔස්සේයී.
ඒ වටා දෛනිකව රොක්ව සිටින ගෝලීය ප්‍රේක්ෂක සහ ශ්‍රාවක ප්‍රජාවල මිලියන 361 ඉක්මවන අතර, Voice of America මාධ්‍ය ජාලය රාජ්‍ය මාධ්‍ය ආයතනයක් බවට පත්කිරීමේ විධායක නියෝගයට 1976 වසරේදී අත්සන් තැබුවේ, එවක හිටපු ජනාධිපති ජෙරල්ඩ් ෆෝඩ් විසින් බව සඳහන් වෙනවා.
එතැන් සිට එය පාලනය වන්නේල අමෙරිකානු ආණ්ඩුවේ ෆෙඩරල් අරමුදල් වලින් වන අතර, වාර්ෂික අය වැයෙන් ඒ සඳහා වෙන් කෙරෙන මුදල, අමෙරිකානු ඩොලර් මිලියන 267 කට අධික බව සඳහන් වෙනවා.
ජනාධිපතිවරයා උපදේශකයෙකු වන එලෝන් මස්ක් විසින් Voice of America වසා දමන ලෙස, සිය X ගිණුමෙන් පසුගියදා ඉල්ලීමක් ද කර තිබුණු අතර, ජනපති ට‍්‍රම්ප්, එය වසා දැමීමට තීරණය කිරීමත් සමග එහි සේවය කළ 1300 ක් පමණ වූ සේවක පිරිසට වැටුප් රහිත නිවාඩු දී තිබෙන බව වාර්තා වෙනවා.