අනගාරික ධර්මපාලතුමාගේ 98 වැනි ගුණ සැමරුම දඹදිවදී

ධර්මපාලතුමාගේ 98 වැනි ගුණ සැමරුම දඹදිව සාරානාත්හී මුලගන්ධ කුටි විහාරයේදී සිදුවුණු බව වාර්තා වෙනවා.
ඒ දඹදිව සාරානාත් මුලගන්ධ කුටි විහාර භූමියේ තැන්පත්ව පවතින අනගාරික ධර්මපාල භෂ්මාවශේෂ ස්මාරකය අභියසදීයි.
ඉන්දියාවේ මහා බෝධි සමාගමේ ප්‍රධාන ලේකම් ආචාර්ය පැලවත්තේ සීවලී හිමියන්ගේ සහ මිගදාය මුලගන්ධ කුටි විහාරාධිපති රත්මල්ගොඩ සුමිත්තානන්ද හිමියන්ගේ උපදේශකත්වයෙන් මේ පිංකම් සංවිධාන කර තිබුණු අතර, ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝනායක, ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ ආචාර්ය තවලම ධම්මික නාහිමි, ලුම්බිණි මහා බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති බද්දේගම නන්ද හිමි, මුලගන්ධ කුටි විහාරයේ නේවාසික යුදගනාවේ සීලවංශ හිමි, පුජ්‍ය ගලඋඩ රතනාලෝක හිමි, වලස්මුල්ලේ ධම්මරතන හිමි සහ සාමණේරයන් වහන්සේලාද මෙම ගුණ සැමරුම වෙනුවෙන් වැඩම කළ බව සඳහන් වෙනවා.