නව සන්නිවේදන චන්ද්‍රිකාවක් දියත් කෙරේ

චීනය විසින් නව සන්නිවේදන චන්ද්‍රිකාවක් සාර්ථකව දියත් කර තිබෙන බව වාර්තා වෙනවා.
දකුණු හයිනාන් පළාතේ වෙන්චැං අභ්‍යවකාශ දියත් කිරීමේ ස්ථානයෙන් එම චන්ද්‍රිකාව දියත් කිරීම සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
චයිනාසැට් 3B නමැති එම චන්ද්‍රිකාව හඬ, දත්ත, ගුවන් විදුලි සහ රූපවාහිනී සම්ප්‍රේෂණ සේවා ලබා දෙනු ඇති බව සඳහන් වෙනවා.
