ලොව වයස්ගතම පුද්ගලයා ගිනස් පොතට

වයස අවුරුදු 115 යි දින 253 ක් වන එතෙල් කැටර්හැම් නම් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස අද (01) නිල වශයෙන් ගිනස් ලෝක වාර්තා අතරට එක්වුණා.
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස දිවි ගෙවූ බ්‍රසීලයේ කන්‍යා සොහොයුරියක් වූ ඉනා කැනබාරෝ ලූකස් ඊයේ 30 මියයෑම හේතුවෙන් කැටර්හැම් මෙලෙස නම් කිරීමට හේතුවී තිබෙනවා.
ලූකස් කන්‍යා සොහොයුරිය මියයන විට 116 වියේ පසු වූ අතර, ලොව වයස්ගතම පුද්ගලයා ලෙස අද නිල වශයෙන් පත් වූ එතෙල් කැටර්හැම්, 1909 වසරේ අගෝස්තු 21 වනදා උපත ලැබූ කාන්තාවකි.
විශේෂයෙන් ම ඇය 1909 වසරේදී උපත ලබා මෙලොව ජීවත්වන අවසන් පුද්ගලයාද වෙන අතර, කොවිඩ්-19 වලින් දිවි ගලවා ගත් වයස්ගතම කිහිප දෙනාගෙන් අයෙක්ද වෙන අතර, 2020 වසරේදී ඇයට කෝවිඩ් ආසදනය වනවිට වයස අවුරුදු 110 පසුවූ බව සඳහන් වෙනවා.
කැටර්හැම් ලොව වයස්ගතම පුද්ගලයා වුවත් මේ වනවිට ඇගේ සැමියා සහ දරුවන් දෙදෙනාද මියගොස් ඇති අතර, ඉන් ඇගේ දියණිය මිය ගොස් තිබෙන්නේ, වයස අවුරුදු 82 දීයි.
එමෙන්ම ඇගේ වැඩිමහල් සොහොයුරියක් වන ග්ලැඩිස් නම් කාන්තාවද දිගු ආයු කාලයක් ගතකළ අයෙකු බවත්, ඇය 2002 වසරේ මියයන විට අවුරුදු 104 යි දින 78 ක් ජීවත්ව තිබෙනවා.
