හෙට දිනය ඔස්ට්‍රේලියාවට තීරණාත්මක දවසක් වෙයිද?

හෙට (08) දිනයේ ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් සහ නිව් සවුත් වේල්ස් ඇතුළු නැගෙනහිර වෙරළබඩ කලාපයට, ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව ඇතුළුවන බවට කාලගුණ අනාවැකි පළකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන් ශ්‍රී ලාංකිකයින් ද 7000 කට අධික පිරිසක් වාසය කරන බ්‍රිස්බේන් නගරයට වැඩි බලපෑමක් එල්ලවීමේ අවදානමක් පවතින බව වාර්තා වෙනවා. ඒ අනුව, අදාළ කළාපයේ පාසල් 280 කට වැඩි සංඛ්‍යාවක් අද වසාදැමුණු අතර, අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් ද නිර්මාණය වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළබඩ පෙදෙස්වලට .ඇල්ෆ්‍රඩ්. නිවර්තන සුළි කුණාටුවෙන් බලපෑම් එල්ලවනු ඇති බවට ඔස්ට්‍රේලියානු කාලගුණ බලධාරීන් පුරෝකථනය කර තිබෙනවා.
මේ වනවිට පළවී ඇති කාලගුණ අනාවැකිවලට අනුව, පැයට කිලෝමීටර 120 ක් දක්වා වූ සුළඟේ වේගයක් වාර්තා කරමින් .ඇල්ෆ්‍රඩ්. සුළි කුණාටුව බ්‍රිස්බේන් නගරයෙන් රට තුළට ඇතුළුවීමට නියමිත වන අතර, ඒ අනුව සුළිකුණාටුවේ වැඩිම බලපෑම ක්වීන්ස්ලන්ඩ් හි බ්‍රිස්බේන් නගරයට එල්ල වනු ඇති බව සඳහන් වෙනවා.
එය අද පස්වරුව වනවිට ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව බ්‍රිස්බේන් නගරයට කිලෝමීටර 105 ක් නැගෙනහිර දෙසින් ස්ථාන ගතව තිබූ අතර, එය රට තුළට ඇතුළු වනු ඇති බවට කාලගුණ බලධාරීන් පුරෝකථනය කරන්නේ එරට වේලාවෙන් හෙට පෙරවරුවේදීයි.
කෙසේ වෙතත්, මෙය 1974 න් පසුව එම ප්‍රදේශයට ඇතුළු වන පළමු සුළි කුණාටුව බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුවෙන් දැනටමත් ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් වෙරළ තීරයට බලපෑම් එල්ලවී තිබෙන අතර, ඒ අනුව ලක්ෂයකට ආසන්න පිරිසකට විදුලි ඇණහිටීමකට මුහුණ දීමට සිදුවී ඇති බවත්, පාසල් සිය ගණනක් වසා දමා ඇති බවත්, බ්‍රිස්බේන් ගුවන්තොටුපළ මෙහෙයුම් ද නවතා දමා ඇති බවත් වාර්තා වෙනවා.
එමෙන්ම මහජන ප්‍රවාහන කටයුතු අවලංගු කිරීමටත්, ව්‍යාපාර ස්ථාන වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙන්නේ, සුළි කුණාටුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමේ අරමුණින් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.