ශල්‍යාගාරයට ඉංග‍්‍රීසියෙන් Theater කියන්නේ ඇයි?

Theater කියන වචනය අතීතයේ භාවිතා වෙලා තියෙන්නේ රංගශාලා වලට. එහෙමත් නැත්තම් ප්‍රෙක්ෂකයන්ට කිසියම් වූ දර්ශණයක් නැරඹිය හැකි ස්ථාන වලට කියලයි ජනප‍්‍රවාදයේ සඳහන් වෙලා තියෙන්නේ.

කොහොම වුණත්, වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක ශල්‍යකර්ම තවත් දියුණු වුණා. ඒ වගේම ඒවා අධ්‍යයනය කරන්න වෛද්‍ය ශිෂ්‍යයින්ට, හෙද ශිෂ්‍යයින්ට අවස්ථාව ලැබුණා. විශේෂයෙන් ම ඔවුන් වෙනුවෙන් ප්‍රෙක්ෂකාගාරය වගේ කොටසක් ශල්‍යාගාර තුළම ඉදි කෙරුණා.

මේ නිසාම කාලයක් යනකොට Theater කියන වචනය ශල්‍යාගාර හඳුන්වන්නත් යොදා ගෙන තිබෙනවා. කොහොම වුණත් අද ශල්‍යාගාර නවීකරණය වෙලා, ප්‍රෙක්ෂකාගාරය වැනි කොටස ඉවත් වෙලා ගිහින්. හැබැයි අදටත් ශල්‍යාගාර හඳුන්වන්නේ Theater කියලයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *