ඔස්ට්‍රේලියාවේ මීළඟ අග්‍රාමාත්‍යවරයා කවුරුන්ද?

ඔස්ට්‍රේලියාවේ මීළඟ අග්‍රාමාත්‍යවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම මේ වනවිට ආරම්භ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, මෙවර ඡන්ද විමසීම සඳහා මිලියන 18 ක පිරිසක් ඡන්දය භාවිත කිරීමට නියමිත බව එම මාධ්‍ය සඳහන් කරනවා.

වාමාංශික ඔස්ට්‍රේලියානු කම්කරු පක්ෂයේ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සහ කොන්සර්වේටිව් ලිබරල් – ජාතික සන්ධානයේ පීටර් ඩටන් මැතිවරණය සඳහා තරගවදිනවා.

ජීවන වියදම, සෞඛ්‍ය හා නිවාස ගැටලුව යනාදිය මෙවර මැතිවරණයේ ප්‍රධාන මාතෘකා බවට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මැතිවරණය ජයග්‍රහණය කර බහුතර රජයක් පිහිටුවීම සඳහා එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 76 ක් ලබාගත යුතු වන අතර, එසේ නොමැතිනම් සුළු පක්ෂ හෝ ස්වාධීන මන්ත්‍රීවරුන්ගෙන් සහාය දිනාගැනීමට උත්සාහ කළ යුතු බව, විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *