සුදු දුමාරය පිටවුණා..මීලග පාප් වහන්සේ තේරී පත්වුණා

දෙදිනක් පැවති පාප්වරණයකින් අනතුරුව අභිනව පාප් වහන්සේ ලෙස අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් පත්ව තිබෙනවා.
69 වන වියේ පසුවන උන් වහන්සේ අමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප්වරයා වන අතර, ඒ අනුව බිලියන 1.4 ක් වූ ලොව පුරා කතෝලික ප්‍රජාව වෙනුවෙන් උන් වහන්සේ නායකත්වය දීමට නියමිතයි.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව, මෙලෙස අභිනව පාප් වහන්සේ තෝරාගනු ලැබුවා.
88 හැවිරිදි වියේ පසුවූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථාන වුණේ, ඉකුත් අප්‍රේල් 21 වනදා වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීයි.
