මොකක්ද මේ Steadfast Dart 2025 කියන්නේ

නේටෝ රටවල සහභාගීත්වයෙන් පැවති දැවැන්ත යුද අභ්‍යාසයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ යුද අභ්‍යාසය පැවැත්වුණේ රුමේනියාවේදීයි.
උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය එනම් නේටෝ සංවිධානය 1949 වසරේදී පිහිටවූයේ සෝවියට් සමූහාණ්ඩුවෙන් එල්ලවන තර්ජනවලින් සාමාජික රටවල් ආරක්ෂා කරගැනීමේ අරමුණින්.
අමෙරිකාව ඇතුළු බටහිර රටවල මූලිකත්වයෙන් ආරම්භ වූ මෙම සංවිධානයේ සාමාජිකයින් ගණන අද වනවිට 30 ඉක්මවා ගොස් තිබෙනවා.
නේටෝ සාමාජික රටවල් කිහිපයක හමුදාවල සහභාගීත්වයෙන් පසුගියදා රුමේනියාවේ දී දැවැන්ත යුද අභ්‍යාසයක් පවත්වා තිබෙන අතර, මෙම යුද අභ්‍යාසය නම් වුණේ Steadfast Dart 2025 නමින්. මේ යුද අභ්‍යාසයට හමුදා ඛණ්ඩ දහස් ගණනක් එක්කර තිබෙනවා.
ඒ බල්ගේරියාව, ප්‍රංශය, ග්‍රීසිය, ඉතාලිය, රුමේනියාව, ස්පාඤ්ඤය, ස්ලෝවේනියාව, තුර්කිය සහ එක්සත් රාජධානිය නියෝජන කරමිනි. නේටෝ සංවිධානය මෙම යුද අභ්‍යාසය සංවිධාන කර තිබුණේ සිය යුද හැකියාව පෙන්නුම් කිරීමේ අරමුණින් වන අතර, එය එම සංවිධානය මෙතෙක් සංවිධාන කළ දැවැන්තම යුද අභ්‍යාසයක් ලෙස හඳුන්වනවා.
යුුක්‍රේන යුද්ධය අවසන් කිරීම පිළිබඳ සාකච්ඡාවල දී නේටෝ සංවිධානය පිළිබඳවත් විවිධ මත පළවුණු බව ප‍්‍රකට පුවතක්. නේටෝ සංවිධානය මෙම යුද අභ්‍යාසයේ නිරත වුණේ අමෙරිකාව සමග පවතින සබඳතා පළුදු වෙමින් පවතින පසුබිමකයි.
පෝලන්තයේ පැවති මාධ්‍ය හමුවකදී අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසා තිබෙන්නේ, අමෙරිකාව සෑම විටම නේටෝ සංවිධානයට සහාය දක්වන බව තහවුරු කළ නොහැකි බවයි.