X Social Media Platform වලට මොකද වුණේ?

එලොස් මස්ක්ගේ සමාජ මාධ්‍ය වේදිකාව වන X ලොව පුරා හදිසි බිඳවැටීමකට ලක්ව තිබෙන බව ඊයේ වාර්තා වුණා.

ඒ වගේම, එක්සත් ජනපදයේ දහස් ගණනක් පරිශීලකයින් සඳහාත්, X සමාජ මාධ්‍ය අක්‍රීය වී තිබූ බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ අතර, ලොව පුරා පරිශීලකයින් දහස් ගණනකට X සමාජ මාධ්‍ය වේදිකාවට පිවිසීම අවහිර වී ඇති බවත්, මාධ්‍ය රැසක් සඳහන්ව තිබුණා.

කෙසේ වෙතත්, X සමාජ මාධ්‍ය වේදිකාවට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එහි හිමිකරු වන ඉලෝන් මස්ක් සඳහන් කරනවා. ඒ් හේතුවෙන් බ්‍රිතාන්‍යෙය් සහ අමෙරිකා එක්සත් ජනපදයේ දහස් ගණන් X ගිණුම් ඇණ හිට ඇති බව වාර්තා වෙනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් ඉලෝන් මස්ක් පෙන්වා දෙන්නේ සෑම දිනකම මෙවැනි ප්‍රහාර එල්ල වන අතර, ඊයේ දිනයේ දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.

ඒ හේතුවෙන් පැය 6 කට ආසනන්න කාලයක් අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යෙය් X Social Media Platform ඇණහිට තිබූ බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *